Contact Admin 071 7151679, E-mail [email protected]

තවත් ටෙලි නිළියන් දෙදෙනෙකු ගණිකා මඩමකදී කොටු වෙයි

ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් තවත් ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතරින් ස්වර්ණා රත්නායක නම් 45 හැවිරිදි නිළිය පසුගිය 11දා කඩුවෙල මේනකා හෝටලයේ දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රු. 5,000 කට ගණිකා වෘත්තියේ යෙදීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

කොටිකාවත්ත පදිංචිකාරියෙකු වන ඇය අමන්දා, වසූදා, වීදුරු මල්, සයුරු තෙර, නිම් තෙර හා ඉසුරු සොයා යන ටෙලි නාට්‍ය සඳහාද තීර්ථ යාත‍්‍රා, ඇසළ සඳ යන වේදිකා සඳහාරංගනයෙන් දායක වී ඇත.

තවද, කාංචනා ජෙයරාම් නම් විවාහක නිළිය 20 හැවිරිදි මුස්ලිම් ගැහැණු ළමයෙකු සමඟ සිටියදී පසුගිය 12දා මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටාවේ රුක්මලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයට රු. 10,000 කට ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනා එල්ල වී ඇත.

2010 දී නිමල් රත්නායකගේ ’ඉරට උඩින්’ යන ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිස ඇති ඇය, ගැහැණු ළමයි, සරා, මිලා, නිර්මලී, හිරුමලී යන ටෙලිනාට්‍ය වල හා උකුසු ඇස යන චිත‍්‍රපට වලද පෙනී සිට ඇත.

ඊට අමතරව පසුගිය 08 වැනිදා සිට තිරගතවීම ආරම්භ කළ එරංග සේනරත්නගේ ස්වීට් ඒංජල් චිත‍්‍රපයටඇය රඟපෑමෙන් එක්වී තිබේ.

මීට අමතරව, මිලා ටෙලි නාට්‍යයේ පූජනී ලෙස චරිතමැවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් පසුගිය 08 දා පොලිස් අත්අඩංගුවට පත්විය.


NEWS SOURCES =srilankamirror.com