Contact Admin 071 7151679, E-mail [email protected]

සෝභිත හිමියෝ අත්අඩංගුවට ගැනීමට යයි

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සිදුකරන බව පවසමින් ජනතාව මුලාවට පත් කළ බව කියන රුවන්වැල්ලේසෝභිත හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.

හිමියෝ හෙට දිනයේදී රුවන්වැල්ල පොලීසියට භාර වන බවට දුරකතනය ඔස්සේ පොරොන්දුවූ බවරුවන්වැල්ල පොලිසිය සඳහන් කළේය.

මේ වන විට සෝභිත හමියෝ කොළඹ ප‍්‍රදේශයේ ලැගුම්ගෙන සිටින බවපැවසූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 

මීට පෙර රුවන්වැල්ලේ ජනතාවසෝභිත හිමියන්ට එරෙහිව විරෝධතා පැවැත්වූ අතර, එම විරෝධතා අතරතුරේදී එහිමියෝ රැඳී සිටි සිවු මහල් ගොඩනැගිල්ලටප‍්‍රහාරයක් එල්ල වී තිබිණි.

එම ගොඩනැගිල්ලේ තිබී ආයුධ කිහිපයක්පොලිසිය විසින් සොයාගෙන ඇතැයි මේ වන විට හෙලිවී තිබේ.

 

NEWS SOURCES =srilankamirror.com