සාමාන්‍ය රූප ස්වභාව :
යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.
ගතිගුණ :
ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි.
එසේ ම ඥානවන්ත ද වේ. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී. හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකිර ගන්නෙකි.
උසස් ආඩම්බර ගති ඇතිවේ. ගුණ දොස් විවේචනයට ප‍්‍රිය වේ. අන්‍යයන්ගේ අදහස් ක‍්‍රියා ආදියේ දොස් පෙනේ. ඒවා සම්බන්ධ
කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු
හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා
ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ.
තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක්
තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය
නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක්
නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.
රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම
යහපති.