Contact Admin 071 7151679, E-mail [email protected]

සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩුණු දේහයකි. ප‍්‍රිය ලක්ෂණ පෙනුමක් ඇතිවෙයි. තියුණු ඇස් ඇතිවේ. මධ්‍යම වයසෙන් පසු

හිසේ පස්සා පැත්ත තට්ටය සෑදේ.
ගතිගුණ :
සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි.

සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත්

කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂ වේ.

යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික

සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්න කාරයා කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි.

උසස් සිතිවිලි වේ. ස්වභාවික සංදර්ශනයට පි‍්‍රය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර

ප‍්‍රිය ස්වභාවයක් අති වේ. සමාජයට හිත වේ. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට

සමතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි.

දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර ප‍්‍රීති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.
රෝග :
වකුගඩු රෝග ඇපැඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝගවලට භාජනය විය හැක. තුලාවෙන් උපන්

අයට බෙර්ලියන්තු, දියමන්ති, සුදුනිල් පැළඳීම යහපති