සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප‍්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට
ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.
ගතිගුණ :
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද
ඇතිවේ. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන්
උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින්
හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදුහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍ය
කාරයෙකු හෝ සංඟතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක්
ගැන සිතයි. සමහරවිට ස්ත‍්‍රී පක්ෂ්‍ය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය
ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රසන්තවය ඇති
කෙනෙකි. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා
වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.
රෝග :
පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලූරැුසි, ඇදීම, බ්‍රොන්කටයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප‍්‍රදේශයේ රෝග හා
බාහුවල වාත රුදාව ද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති.