Contact Admin 071 7151679, E-mail [email protected]

සාමාන්‍ය රූප ස්වභාව :
සිව්මැලි ශරීරය වේ. මධ්‍යම ප‍්‍රමාණ වේ. සමහර විට මධ්‍යම ප‍්‍රමාණයටත් කුඩාවේ. ලෙලදෙන කට හඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.

ගතිගුණ :
ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ

අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද

කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී

ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර

දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී.

වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම්

කල් පවත්වා නොගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. පොළවට හිත වේ. වැවීමට

සූර වේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ

ගති බොහෝමයක්ම මෙසේම වේ. බුදහු බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. දුර්වලකම් හැටියට

පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමත් අනුන්ගේ දොස්

සෙවීමත් වේ.
රෝග :
ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් භාජනය විය හැක. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ

ලා පාට ගල්, පත්ම රාග පැළඳීම යහපත් වේ.